විසිතුරු මසුන් පිළිබඳ තොරතුරු සිංහලෙන්
ප්‍රධාන පිටුව
ලංකාවට ආවේණික මසුන්
මත්ස්‍යයින්ට වැළඳෙන රෝග
මත්ස්‍යයන් හඳුනා ගනිමු
Blog
ගෝල්ඩ්ෆිෂ් මත්ස්‍යයින් ඇතිකිරීම (1 කොටස)
රෙඩ්ඩෙවිල් සික්ලි
Reddevil cichlid
Amphilophus Labiatus
සි
ක්ලි කුලයේ අලංකාර මත්ස්‍යයකු වන මෙම මත්ස්‍යා ලංකාව තුල එතරම් ප්‍රචලිත මත්ස්‍යයකු නොවේ. එයට හේතුව ඔවුන් මින්මැදුරු තුල ඇති හිඟකමයි. නමුත් ඉතාම අලංකාර, වර්ණවත්, විශේෂිත චර්යා රටාවන්ගෙන් යුත් මත්ස්‍ය විශේෂයකි. මා සතුව අවුරුදු ගණනාවක සිට මෙම මත්ස්‍යයින් සිටින අතර මොවුන්ගේ සමහර ගති ලක්ෂණ පුදුම කරවන සුළුය. මිනිසාට ඔවුන් අතපත ගෑමට පවා හැකි තරමට හීලෑ වී ඇති අන්දම මෙම
වීඩියෝව
නැරඹීමෙන් ඔබට පෙනීයනු ඇත.
මොවුන්ගේ පිරිමි මත්ස්‍යයින් අඟල් 12-14 අතර ප්‍රමාණයට විශාලව වැඩේ. ගැහැණු මත්ස්‍යා ප්‍රමාණයෙන් කුඩා ය. ලිංගිකව පරිනත වන විට පිරිමි මත්ස්‍යාගේ හිස රවුම් ආකාරයෙන් (මොල්ලියක් ලෙස) ඉදිරියට නෙරා එයි.
(
Flowerhorn ෆ්ලවර්හෝන්
මත්ස්‍යා ගේ මෙන්, ෆ්ලවර්හෝන් මත්ස්‍යා නිර්මාණය කර ඇත්තේ මෙම මත්ස්‍යා සහ තවත් සික්ලි විශේෂයන් සමඟ දෙමුහුම් කිරීමෙන් බව පිළිගැනීමයි)
මොවුන් ප්‍රමාණයෙන් වැඩෙත්ම තම ශරීර ප්‍රමාණයේ අනෙකුත් සික්ලි කුලයේ මසුන්ට මෙන්ම වෙනත් ඕනෑම මත්ස්‍යයකුට පහර දීමට පෙළඹේ. මා සතුව සිටින අඟල් 7ක් පමණ විශාල මෙම වර්ගයේ පිරිමි මත්ස්‍යයකු විශාල ඔස්කා මත්ස්‍යයන්ට දරුණු ලෙස පහර දී ඇති අවස්ථා මා දැක ඇත. තම ශරීර ප්‍රමාණයට වඩා විශාල මත්ස්‍යයන්ට පවා පහර දීමට මොවුන් පසුබට නොවේ. එහෙත් එසේ සිදු වන්නේ ප්‍රමාණයෙන් කුඩා ටැංකිවල තැබීමේ දී ය. හොඳින් පිහිනීමට ඉඩ ඇති විශාල ටැංකිවල දැමීමේ දී එසේ වීම අඩු ය. මොවුන්ගේ සාමාන්‍ය වර්ණය තැඹිලි පාට වේ. එමෙන්ම තැඹිලි පාට හා සුදු පාට මිශ්‍ර වර්ණවලින් ද හමුවේ. එසේ මිශ්‍ර වර්ණ දරන මසුන් අලංකාරයෙන් වැඩි ය.
අභිජනනය
මොවුන් අනෙකුත් සික්ලි විශේෂ මෙන් බිත්තර දමා ආරක්ෂා කරයි. සාමාන්‍යයෙන් අඟල් 3-4 ප්‍රමාණයෙන් වැඩුන විට බිත්තර දැමීම සිදු කරයි. අනෙක් සික්ලි විශේෂ හා සසඳන විට මොවුන් අභිජනනය අපහසු ය. සහකාරිය, සහකරු ඔවුන්ටම සොයා ගැනීමට (pair out) ඉඩ දිය යුතු ය. එසේ ජෝඩුවක් වෙනවූ පසු වෙනත් සික්ලි මසුන් මෙන් ඔවුන් අල්ලා වෙනත් ටැංකියකට නොදැමිය යුතුය. එසේ දැමූ විට ගැහැණු මත්ස්‍යාට පහර දීමට පිරිමි මත්ස්‍යා පෙළඹේ. එසේ පහර දීම දුටු විටම ගැහැණු මත්ස්‍යා වෙනත් ටැංකියකට මාරු කළ යුතුය. එසේ නොකළහොත් ගැහැණු මත්ස්‍යාට මියයනතෙන් වුද පහර දීමට හැකිය. ඉතිරි කොටස බලාපොරොත්තු වන්න...
හිසෙහි ඉදිරි කොටස රවුම් ආකාරයට ඉදිරියට නෙරා ආ පිරිමි මත්ස්‍යයෙක්. (මූලික අවධියේ)
Online
Image Mapp
Tool